Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක

ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක

editorial - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
දෙසැම්බර් සහ ජනවාරි මස වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරග 2 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයට සහභාගි වෙයි.

එම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය (බොක්සිං දින ටෙස්ට් තරග‍ය) ලෙස දෙසැම්බර් මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා සෙන්චූරියන්හි සුපර් ස්පෝට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි තරගය ජනවාරි මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ඩර්බන් නුවරදී පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක තියුණු ජයක් ලබාගත් අවස්ථාව ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණ වලින් එකක් සේ සැලකේ. දෙවැනි තරගයේදීත් කඩුලු 8 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක තරගාවලි ජයක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරග 29 ක් පැවැත්වී තිබෙන අතර ශ්‍රී ලංකාව ජයගත් තරග සංඛ්‍යාව 9 කි. තරග 14 ක ජය දකුණු අප්‍රිකාව හිමිකරගෙන ඇත.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර එංගලන්ත කණ්ඩායම විස්සයි20 තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගි වීමේ අරමුණින් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙයි. එංගලන්ත - දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා මේ වන විටත් දකුණු අප්‍රිකානු රජයේ අනුමැතිය හිමිවී තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 3 ක් සඳහා 2021 පෙබරවාරි සහ මාර්තු මාසවලද, පාකිස්තාන කණ්ඩායම විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා 2021 අප්‍රේල් මාසයේද දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටියි. කෙසේ වුවත් එම තරගාවලි පැවැත්වෙන දින වකවානු තවමන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

මාර්තු මාසයේදී පැවැති ඉන්දීය සංචාරය අවලංගු කිරීමෙන් පසුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා කිසිදු තරගයකට සහභාගි වී නොමැත.
 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තරග කාලසටහන

එංගලන්තයට එරෙහිව
පළමු විස්සයි20 තරගය - නොවැම්බර් මස 27 වැනිදා - කේප් ටවුන්හිදී
දෙවැනි විස්සයි20 තරගය - නොවැම්බර් මස 29 වැනිදා - පාල්හිදී
තෙවැනි විස්සයි20 තරගය - දෙසැම්බර් 1 වැනිදා - කේප් ටවුන්හිදී
පළමු එක්දින තරගය - දෙසැම්බර් 4 වැනිදා - කේප් ටවුන්හිදී
දෙවැනි එක්දින තරගය - දෙසැම්බර් 6 වැනිදා - පාල්හිදී
තෙවැනි එක්දින තරගය - දෙසැම්බර් 9 වැනිදා - කේප් ටවුන්හිදී

ශ්‍රී ලංකාවට එරෙහිව
පළමු ටෙස්ට් තරගය - දෙසැම්බර් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා - සෙන්චූරියන්හිදී
දෙවැනි ටෙස්ට් තරගය - ජනවාරි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා - ජොහැන්නස්බර්ග්හිදී 

ඕස්ට්‍රේලියාවට එරෙහිව
ටෙස්ට් තරග 3 ක් - පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා

පාකිස්තානයට එරෙහිව
එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් - අප්‍රේල් මාසයේදී

 

-036
 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.