ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල පෞද්ගලික සත්කාර නිෂ්පාදන සහකරු (Personnal Care Partner) ලෙස අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය වෙළෙද නාමයක් වන ‘බ්ලැක් නයිට්’ ඉදිරිපත්ව සිටියි. මෙම අනුග‍්‍රහය වසර තුනක කාලයක් සදහා එළඹ තිබේ.
මෙම අනුග‍්‍රහය පිරිනැමීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සහ ‘බ්ලැක් නයිට්’ නිෂ්පාදන බෙදාහරින කැපිටල් මහරාජා සමූහයේ සාමාජික සමාගමක් වන ඉන්ටර්නැෂනල් කොස්මටික්ස් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩාංගණ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම පෞද්ගලික සත්කාර නිෂ්පාදන සහකරු අනුග‍්‍රහක ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට එළඹි අනුග‍්‍රහයක් වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ජාතික කණ්ඩායමට පමණක් නොව ශ්‍රී ලංකා ‘ඒ’ සහ වයස 19 න් පහළ කණ්ඩායම් සදහා ද මෙම අනුග‍්‍රහය හිමිවන බවයි.
‘‘මෙම අනුග‍්‍රහය යටතේ අපි ක‍්‍රීඩකයන්ට පෞද්ගලික හැඩ ගැස්වීම පිළිබ`දව දැනුමක් ලබා දෙනවා. මේ වන විට ක‍්‍රීඩකය්නට එය අවහ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් දැන් වයස 19 න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩකයන් වැඩි පිරිසක් පිට පළාත්වලින් එනවා. ඒ දරුවන්ට මෙය ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා’’ යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මොහාන් භරාරා මහතා පැවසුවේ 1963 වසරේ සිට වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලිය ඔස්සේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ වී සිටින බවයි.
‘‘එදා අපි ක‍්‍රිකට් සමග ඉතාමත් සමීප සම්බන්ධතාවක් පැවැත්වුවා. අද අපි යළිත් ඒ ගමන ආරම්භ කරනවා’’ යැයි මොහාන් භරාරා මහතා වැඩි දුරටත් පැවසීය.
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මොහාන් භරාරා මහතා විසින් අනුග‍්‍රහක නිල වශයෙන් ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට පිරිනමන ලද අවස්ථාව.
ඉන්ටර්නැෂනල් කොස්මටික්ස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ කිරුභා කුමාරකුලසිංහම්, එහි අළෙවි ප‍්‍රධානී චාමර ලොකුපොත්තගමගේ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් අළෙවි හා සංනිවේදන අංශ ප‍්‍රධානී වජිර දසනායක යන මහත්වරු සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග, කිත්රුවන් විතානගේ, ශාමින්ද එරංග ඡායාරූපයේ වෙති.
ඡායාරූපය: සමීර රාජපක්‍ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.