ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ පාකිස්තානු කාන්තා ක‍්‍රිකට් පිල අතර සාජාහිදී පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පළමු තරගය ලකුණු 8 කින් ජය ලබා දෙවැනි තරගය ලකුණු 55 කින් පරාජයට පත්විය.
ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු අවසන් තරගයේදී පන්දු 43 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
පාකිස්තානු කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 110
(බිස්මා මහරුෆ් 46, සනා මීර් 20, උදේෂිකා ප‍්‍රපෝදනී 12/2, ඉනෝකා රණවීර 16/2, චතුරානි ගුණවර්ධන 25/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 17.5 කදී කඩුලූ 5 ට 112
(චමරි අතපත්තු 44, ඩිලානි මනෝදර 18, ඒෂානි ලොකුසූරිය 23, නිදා දාර් 20/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.