Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (6 වැනිදා) පැවැති තරගවලදී පාකිස්තානය පරාජය කිරීමට තායිලන්තයත්, මැලේසියාව පරාජය කිරීමට බංග්ලාදේශයත් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
මෙවර තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය ලැබූ තායිලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4 කින් පාකිස්තානය පරාජය කළහ. තායිලන්ත කාන්තා කණ්ඩායමක් පාකිස්තානය පරාජය කළ පළමු අවස්ථාවද එය විය. එම තරගයේදී පරාජයට පත්වුවද, ශූද්ධ ලකුණු වේගය අනුව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය රැකගැනීමට පාකිස්තානයට හැකි විය.
පිට පිටම තරග 3 ක් පරාජයට පත්ව සිටි මැලේසියානු ක්‍රීඩිකාවන්ට තවත් පරාජයක් උරුම කර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ, ශ්‍රී ලංකාව පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියහ. පාකිස්තානය සහ බංග්ලාදේශය මෙන්ම ශ්‍රී ලංකාවද මෙතෙක් සහභාගි වූ තරග 3 න් 2 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටියි.
කෙසේ වුවත් එහිදී ලබා සිටින ශූද්ධ ලකුණු වේගයන්ට අනුව පාකිස්තානයට සහ බංග්ලාදේශයට වඩා පසුපසින් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබේ. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව මැලේසියාවට (8 වැනිදා), බංග්ලාදේශයට (10 වැනිදා) සහ පාකිස්තානයට (11 වැනිදා) එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.
මේ දක්වා සහභාගි වූ තරග 3 න්ම ජය ලබා සිටින ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. ඒ අනුව පිට පිටම සිය සිවුවැනි ජයග්‍රහණය ලබාගැනීමේ අරමුණින් යුතුව ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (7 වැනිදා) පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.