සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 7 ක ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 102 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය දකුණු අප‍්‍රිකානු පිලට ඕවර 13 දී කඩුලූ 6 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 94 ක් පමණි.
ඒෂානි ලොකුසූරිය යැවූ ඉනිමේ අවසන් ඕවරයට දකුණු අප‍්‍රිකානු පිලට ජයග‍්‍රහණයට ලකුණු 13 ක් අවශ්‍ය වුවද ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.
වර්ෂාව හේතුවෙන් ඉනිමක් ඕවර 13 කට සීමා කරමින් පස්වරුවේ තරගය ආරම්භ කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන පන්දු 25 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස් කළාය.
ශෂිකලා ඕවර තුනක් යවමින් ලකුණු 24 කට කඩුල්ලක් ද දවා ගත්තාය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 13 කදී කඩුලූ 7 ට 101 (චමරි අතපත්තු 20, ශෂිකලා සිර්වර්ධන 28, ඒෂානි ලොකු-සූරිය 13, හසිනි පෙරේරා 16, මරිශෙනි කේප් 16/2)
දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 13 කදී කඩුලූ 6 ක් දැවී 94 (ඩෙනි වෑන් නිකීර්ක් 15, ලිෂිලි ලී 41, මිග්නන් ප‍්‍රීෂ් 20, ඉනෝකා රණවීර 22/2, ඒෂානි ලොකුසූරිය 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.