Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 87 ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 87 ක ජයක්

ශනුක අරවින්ද - 2014 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

..............................................................................................................................................

ශ්‍රී ලංකාවට ලකුණු 87 ක පහසු ජයක්.... තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දැන් 1-1 ක් ලෙස සමයි....

..............................................................................................................................................

ඕවර 38.1 - 180/10

අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා ලකුණු 23 ක් ලබා සිටි ඩේල් ස්ටේන් දැවී යයි....

..............................................................................................................................................

ඕවර 37.4 - 180/9

නවක පිතිකරු ලෙස පිටියට පිවිසි මෝර්නි මෝකල් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට මාලිංග සමත්වෙයි... වේගයෙන් ඇදී ගිය මාලිංගගේ යෝකර් පන්දුව මෝකල්ගේ කඩුල්ල බිද දමයි....

..............................................................................................................................................

ඕවර 37.2 - 180/8

ලකුණු 101 ක් ලබා සිටි අෂිම් අම්ලා, ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ සචිත්‍රට උඩ පන්දුවක් දෙමින් දැවී යයි....

..............................................................................................................................................

ඕවර 37 - 180/7

සචිත්‍ර පවර් ප්ලේ ඕවර 5 තුළ පන්දුයැවීමට පැමිණෙයි.... ඩෙල් ස්ටේන්ගෙන් සචිත්‍රට හතරේ පහර 2 ක සංග්‍රහයක්....

..............................................................................................................................................

අම්ලාගෙන් පිට පිට තරග දෙකකදී ශතක දෙකක්.... පන්දු 99 කින් වාර්තාවූ මෙම ශතකයට 4 පහර 11 ක්....

..............................................................................................................................................

ඕවර 35 - 160/7

අම්ලා ශතකයට ලං වෙද්දී, පන්දු යවමින් සිටියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පහරක් වැදීම නිසා පන්දු යැවීම නවතා රෝහලට ගිය ඩේල් ස්ටෙයින්, තම කණ්ඩායම මුහුණ දී සිටින අසීරු තත්ත්වය හමුවේ පිත්තත් රැගෙන පිටියට පිවිස සිටී.....

..............................................................................................................................................

ඕවර 33 - 150/7

අම්ලා (නොදැවී 88), ස්ටේන් (නොදවී 14) එක්ව දකුණු අප්‍රිකානු පිල 150 සීමාවට ගෙනයති....

..............................................................................................................................................

ඕවර 31 - 141/7

ඩිල්ෂාන්ගේ පන්දුයැවීම අවසන්.... ඕවර 10 කදී ලකුණු 40 කට කඩුලු 3 ක්....

..............................................................................................................................................

ඕවර 27.6 - 127/7

ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාරට උඩ පන්දුවක් දෙමින් පිලෙන්දර් එක් ලකුණකට දැවී යයි....

..............................................................................................................................................

ඕවර 26.5 - 124/6

සචිත්‍රගේ පන්දුවක් හමුවේ කුලසේකරට උඩ පන්දුවක් දෙමින් ලකුණු 3 ක් දැවී සිටි රයන් මැක්ලරන් දැවී යයි....

..............................................................................................................................................

ඕවර 26 - 124/5

මේ වන විට අම්ලා, පන්දු 78 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 80 යි...

..............................................................................................................................................

ඕවර 24 - 115/5

ඩිල්ෂාන් සහ මෙන්ඩිස් සාර්ථක පන්දුයැවීමක....

..............................................................................................................................................

ඕවර 21.5 - 1085

ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ සචිත්‍රසේනානායකට උඩ පන්දුවක් දෙමින් ඩේවිඩ් මිලර් ලකුණු 4 කට දැවී යයි....

..............................................................................................................................................

ඕවර 20.1 - 104/4

අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාරට උඩ පන්දුවක් දෙමින් ජේ. පී. ඩුමිනි එක් ලකුණකට දැවී යයි....

..............................................................................................................................................

ඕවර 19.2 - 101/3

ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ පන්දුරකිමින් සිටි අතිරේක ක්‍රීඩක තිසර පෙරේරාට උඩ පන්දුවක් දෙමින් අකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් දැවී යයි....

..............................................................................................................................................

ඕවර 17 - 90/2

අම්ලා සහ ඩිවිලියස් සාර්ථක ගමනක....

..............................................................................................................................................

ඕවර 15 - 75/2

අම්ලා පන්දු 52 කින් ලකුණු 52 යි.... ඩිල්ෂාන් පන්දුයැවීමට පැමිණේ....

..............................................................................................................................................

ඕවර 12 - 62/2

අම්ලා අර්ධ ශතක පෙනෙන මානයේ....

.................................................................................................................................................

ඕවර 10 - 44/2

මැතිව්ස්ගේ පළමු ඕවරය නිළකුණු ඕවරයක්.....

..................................................................................................................................................

ඕවර 8 - 44/2

සචිත්‍රෙග් පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි....

..................................................................................................................................................

ඕවර 4.5 - 26/2

මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාරට උඩ පන්දුවක් දෙමින් ජැක් කාලිස් දැවී යයි....

..................................................................................................................................................

ඕවර 4 - 21/1

පිටියට පැමිණි නව පිතිකරුවා ජැක් කාලිස්....

..................................................................................................................................................

3 වැනි ඕවරය යැවූ කුලසේකට පන්දු දෙකකට අම්ලාගෙන් පිට පිට හතරේ පහර 2 ක්....

..................................................................................................................................................

ඕවර 2.1 - 9/1

මාලිංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 4 ක් ලබා සිටි ක්වොන්ටම් ඩි කොක් දැවී යයි....

..................................................................................................................................................

ඕවර 2 - 9/0

මාලිංගගේ ඕවරයට ලකුණු 5 යි, කුලසේකරගේ ඕවරයට ලකුණු 4 යි....

..................................................................................................................................................

දකුණු අප්‍රිකා ඉනිම ඇරඹිම සදහා හෂීම් අම්ලා සහ ක්වොන්ටම් ඩි කොක් පිටියට..... පළමු ඕවරය මාලිංගයෙන්....

..................................................................................................................................................

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 268 ක් ලබාගත යුතුය....

..................................................................................................................................................

ඕවර 49.2 - 267/10

ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස ලසිත් මාලිංග ලකුණු ලබාගැනීමට පෙර දවැගැනීමට පිලෙන්දර් සමත්වෙයි....

..................................................................................................................................................

ඕවර 48.5 - 266/9

රයන් මැක්ලරන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වොන්ටම් ඩි කොක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 2 ක් ලබා සිටි මෙන්ඩිස් දැවී යයි....

..................................................................................................................................................

ඕවර 48 - 263/8

තරගය නැවත ආරම්භ වනවාත් සමගම මෝර්නි මෝකල්ගේ පන්දුවකට සචිත්‍රෙගන් හතරේ පහරක්....

..................................................................................................................................................

වැස්ස නැවතීමෙන් පසුව තරගය නැවත ආරම්භ වෙයි....

..................................................................................................................................................

වැස්ස නිසා තරගය තාවකාලිකව නතර කළා....

..................................................................................................................................................

ඕවර 46.6 - 256/8

පන්දු 15 කින් ලකුණු 25 ක් රැස්කළ අශාන් ප්‍රියන්ජන් රයන් මැක්ලරන්ගේ ඊලග පන්දුවේදීම‍ ජේ. පී. ඩුමිනිට උඩ පන්දුවක් දෙමින් දැවී යයි....

..................................................................................................................................................

ඕවර 46.5 - 256/7

රයන් මැක්ලරන්ගේ පන්දුවක් හමුවේ ඒ. බී. ඩිවිලියස්ට උඩ පන්දුවක් දෙමින් කුලසේකර ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්ව යයි....

..................................................................................................................................................

ඕවර 46.1 - 256/6

රයන් මැක්ලරන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වොන්ටම් ඩි කොක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 34 ක් ලබා සිටි මැතිව්ස් දැවී යයි....

..................................................................................................................................................

මෝර්නි මෝකල් යැවූ 26 වැනි ඕවරයේ පන්දු 2 කදී අශාන් ප්‍රියන්ජන්ගෙන් පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක්....

..................................................................................................................................................

ඕවර 45 - 241/5

පන්දුවට පහරදීමට පැමිණි නවක පිතිකරු අශාන් ප්‍රියන්ජන්, මැතිව්ස් සමග එක්ව ලකුණු සංඛයාව ඉහළ දැමීමේ සටනක....

..................................................................................................................................................

ඕවර 42.4 - 225/5

ඉම්රාන් තහීර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 48 ක් ලබා සිටි මහේල ජයවර්ධන දැවී යයි....

..................................................................................................................................................

ඕවර 42 - 222/4

පන්දු 63 කට පසුව මහේල තම පළමු හතරේ පහර එල්ල කරයි.... දැන් ඔහුගේ මුලු ලකුණු සංඛ්‍යාව 45 යි....

..................................................................................................................................................

ඕවර 40 - 207/4

මහේල නොදැවී 37, මැතිව්ස් නොදැවී 24 යි...

..................................................................................................................................................

ඕවර 38 - 192/4

ස්ටේන්ගේ අඩුව දකුණු අප්‍රිකාවට තදින්ම දැනෙයි....

..................................................................................................................................................

ඕවර 35 - 174/4

මහේල මන්දගාමී ක්‍රීඩා විලාශයක.... මේ වන විට පන්දු 45 කදී ලකුණු 23 යි....

..................................................................................................................................................

ඕවර 32 - 159/4

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට පැමිණෙයි....

..................................................................................................................................................

ඕවර 30.4 - 154/4

ජේ. පී. ඩුමිනිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 86 ක් ලබා සිටි ඩිල්ෂාන් දැවී යයි....

..................................................................................................................................................

ඕවර 30 - 151/3

150 වැනි ලකුණ ශ්‍රී ලංකා පිලට එක්වෙද්දී ඩිල්ෂාන් නොදැවී 85, මහේල නොදැවී 11 යි....

..................................................................................................................................................

ඕවර 28 - 140/3

ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ මහේල ජයවර්ධන කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී දැවීගිය ක්‍රීඩකයකු ලෙස විනිසුරුවන් ප්‍රකාශ කළද, එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමුකළ මහේල තමා නොදැවුණ ක්‍රීඩකයකු බව ඔප්පු කළේය....

..................................................................................................................................................

ඕවර 25 - 131/3

මහේල පන්දුවට පහරදීමට පැමිණෙයි.... ඉම්රාන් තහීර්ගෙන් නිළකුණු ඕවරයක්....

..................................................................................................................................................

ඕවර 22.1 - 125/3

ඉම්රාන් තාහිර්ගේ පන්දුවක් හමුවේ හෂිම් අම්ලාට උඩ පන්දුවක් දෙමින් ලකුණු 36 ක් ලබා සිටි තිරිමාන්න දැවී යයි....

..................................................................................................................................................

21 වැනි ඕවරය යැවූ පිලෙන්දර්ගේ පන්දු 2 කට තිරිමාන්නගෙන් පිට පිට හතරේ පහර 2 ක්....

..................................................................................................................................................

ඕවර 20 - 109/2

ඩිල්ෂාන් සහ තිරිමාන්න සාර්තක ගමනක....

..................................................................................................................................................

ඕවර 18 - 104/2

ශ්‍රී ලංකා පිලට ලකුණු 100 ක් එක් වෙද්දී ඩිල්ෂාන් නොදැවී 65, තිරිමාන්න නොදැවී 21 යි....

..................................................................................................................................................

ඕවර 16 - 93/2

පිතිකරන පිළිවෙලේ වෙනසක් සිදුකරමින් මහේලට කළින් පන්දුවට පහරදීමට පැමිණි ලහිරු තිරිමාන්න මේ වන විට පන්දු 26 කදී ලකණු 16 යි....

..................................................................................................................................................

ඕවර 14 - 86/2

රයන් මැක්ලරන් යැවූ 13 වැනි ඕවරයේ අවසන් පන්දුවට ඩිල්ෂාන්ගෙන් තවත් හතරේ පහරක්....

..................................................................................................................................................

ඕවර 12 - 75/2

ඉම්රාන් තහීර් පන්දු යැවීමට පැමිණීමත් සමග ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල වෙයි....

..................................................................................................................................................

ඕවර 10 - 66/2

ඩිල්ෂාන් තම එක්දින ක්‍රීකට් දිවියේ 37 වැනි අර්ධ ශතකය රැස්කරයි.... පන්දු 40 කින් වාර්තාවූ එම ඉනිමට හතරේ පහර 8 යි....

..................................................................................................................................................

ඕවර 8.5 - 63/2

ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල ලෙස මෝර්නි මෝකල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වොන්ටම් ඩි කොක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 7 ක් ලබා සිටි සංගක්කාර දැවී යයි....

..................................................................................................................................................

ඕවර 7 - 53/1

ඩිල්ෂාන් වේගවත් පිතිහරඹයක.... මේ වන විට පන්දු 27 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 38 ක් ලබා සිටියි....

..................................................................................................................................................

ඕවර 5 - 38/1

නවක පිතිකරු සංගක්කාරගෙන් පිලෙන්දර්ගේ පන්දුවකට අලංකාර හතාර් පහරක්.....

..................................................................................................................................................

ස්ටෙයින්ගේ ඕවරය සම්පූර්ණ කිරීමට පැමිණි ජේ.පී. ඩුමිනිගේ පන්දු 4 ක් ඩිල්ෂාන් ලකුණු 8 ක් උදුරා ගනී....

..................................................................................................................................................

ඩිල්ෂාන්ගේ ඉතා වේගවත් පහරකින් ගැලවීමට අත දැමූ ඩේල් ස්ටෙයින් පන්දු යැවීම නතර කර ආපසු ක්‍රිඩාගාරයට යයි....

..................................................................................................................................................

ඕවර 3.4 - 26/1

පිලෙන්දර්ගේ පන්දුවක් හමුවේ හෂිම් අම්ලාට උඩ පන්දුවක් දෙමින් ලකුණු 7 ක් ලබා සිටි කුසල් ජනිත් දැවී යයි....

..................................................................................................................................................

තුන් වැනි ඕවරය යවන ස්ටේන්ගේ පන්දු දෙකකට ඩිල්ෂාන්ගෙන් පිට පිට හතරේ පහර 2 ක්....

..................................................................................................................................................

ඕවර 2 - 18/0

ඩිල්ෂාන් නොදැවී 10, කුසල් නොදැවී 7

..................................................................................................................................................

දෙවැනි ඕවරය යවන පිලෙන්දර්ගේ පන්දුවක් හමුවේ කුසල් තම පළමු හතරේ පහර එල්ල කරයි.....

..................................................................................................................................................

තරගයේ පළමු හතරේ පහර ඩිල්ෂාන්ගෙන්.... පන්දුයවන්නා ඩේල් ස්ටේන්....

..................................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියට....

..................................................................................................................................................

කණ්ඩායම් දෙකේම කිසිම වෙනස් කමක් සිදුකර නැ.... පළමු තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායම් දෙකම තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ....

..................................................................................................................................................

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා....

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 87 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.