Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ජයවර්ධනපුර සටන 6 - 7

ශ්‍රී ජයවර්ධනපුර සටන 6 - 7

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ආනන්දශාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර 22 වැනි ‘ශ්‍රී ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 6 සහ 7 දෙදින පැවැත්වේ.

මෙවර ආනන්දශාස්ත්‍රාල පිලේ නායකයා ලෙස තිමිර මල්ෂාන් ද, ශාන්ත ජෝන් විදුහල් පිලේ නායකයා ලෙස නුරාජ් ප්‍රසංග ද, කටයුතු කරති. 
ආනන්දශාස්ත්‍රාල මෙම තරග වාරයේ තරග 10 කට සහභාගි වී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව පූර්ණ ජයක් සමගින් පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් හිමිකර ගත්තේය. ආනන්දශාස්ත්‍රාලය තරග හතරක් පරාජයට පත්ව තිබේ. 

මෙවර ආනන්දශාස්ත්‍රාලයේ ප්‍රබලතම ක්‍රීඩකයා වන නායක තිමිර මල්ෂාන් ලකුණු 610 ක් රැස්කරමින් කඩුලු 59 ක් ද, දවාගෙන තිබේ. 
ඉසුරු අවින්ද, චමිඳු සත්මිණ සහ වෙනුක් හෙට්ටිආරච්චි මෙවර ආනන්දශාස්ත්‍රාල පිල නියෝජනය කරන සෙසු ප්‍රබල ක්‍රීඩකයෝ වෙති.

ශාන්ත ජෝන් විදුහල මෙම තරග වාරයේ තරග 10 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ පහක් ලබා තරගයක් පරාජයට පත්ව තිබේ. 
මෙවර ශාන්ත ජෝන් විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රිඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක මිතිල පූර්ණජිත් හැදින්විය හැකිය. ඔහු මෙම තරග වාරයේ ලකුණු 567 ක් රැස්කරමින් කඩුලු 57 ක් ද, දවාගෙන තිබේ. 

නායක නිරාජ් ප්‍රසංග (520), උප නායක තෙෂාන් මිලින්ද (412), හිරුෂ මෙන්ඩිස් (480) සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.     

කෝට්ටේ ආනන්දශාස්ත්‍රාල කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: එච්. ඩබ්ලිව්. වී. සමීර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), මිෂාර ද සොයිසා මහතා (කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු), අයි. යූ. උඩුවන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), දසුන්ප්‍රිය කරුණාතුංග, පී. එස්. සී. ප්‍රනාන්දු මහතා (නියෝජ්‍ය විදුහල්පති), තිමිර මල්ෂාන් (නායක), ජී. පී. බී. ලියන්ගස්කුඹුර මහතා (විදුහල්පති), අරවින්ද ජයසූරිය (උප නායක), ඒ. ඩී. එස්. පෙරේරා මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), චමිඳු සත්මිණ, අකිල මධුශංඛ මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ දිලිප්සිරි විනෝච් මහතා (කනිෂ්ඨ පුහුණුකරු)

පසු පෙළ වමේ සිට: නදීෂ් යසිරු, හසිත් හංසිඳු, වී. ඩී. හෙට්ටිආරච්චි, එස්. ඒ. අෂීම්, ආමන්ත දාබරේ, ධනජ සඳලිඳු, පසිඳු එනුවර, ඊ. ඒ. ජයකොඩි, තරුෂ නිම්හර, තුසරණ වීරසේකර, අභිලාෂ් දිනුකර, සමීර් සිරාෂ්, ඩිල්ෂාන් සිර්වර්ධන, අනුජ නිම්සර, ලකිඳු කල්හාර සහ එම්. ජී. ඒ. අයි. සුදර්ශන 

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට: එස්. ඒ. කේ. සිසිර කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), තනූෂ සඳරුවන්, එන්. විජේරාම මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), තෙෂාන් මිලින්ද (උප නායක), එම්. බී. බී. අත්තනායක මහතා (විදුහල්පති), නිරාජ් ප්‍රසංග (නායක), සන්ද්‍යා දමයන්ති මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), මිතිල පූර්ණජිත්, ඩී. එන්. ගුරුදෙණිය මහතා (නියෝජ්‍ය විදුහල්පති) සහ හිරාන් ගුණවර්ධන මහතා (පුහුණුකරු),

පසු පෙළ වමේ සිට: ඔමිත් කසුන්ත, සදීශාන් චමෝද්‍ය, සංජය සෙල්වකුමාර්, මුවිදු ලෝචන, ශවීන් හත්වැල්ල, අෂේන් මිලින්ද, හිරුෂ සංදීප, සදීෂ නෙත්මිණ, දෙව්මිණ ඒකනායක, අයත් දිල්මිත සහ සිනෙත් අක්මිත 


 


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර සටන 6 - 7

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.