අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන එක්දින අන්තර්ජාතික කඩුලූ 100 සම්පූර්ණ කරමින් එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික ක‍්‍රීඩිකාව බවට පත්වූවාය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එක්දින කඩුලූ 100 ක් සහ ලකුණු 1000 ක් රැස්කළ පළමු සහ එකම ක‍්‍රීඩිකාව බවට ද 30 හැවිරිදි ශෂිකලා පත්වූවාය.පිට දඟ පන්දු යවන ශෂිකලා කොදෙව් ඉනිම ලකුණු 124 කට සීමා කරමින් ඕවර 9.3 කදී කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වූවාය.
ශෂිකලා මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 85 ක ඉනිම 80 කදී කඩුලූ 100 ක් දවාගෙන සිටින්නීය. ශෂිකලා අර්ධ ශතක 7 ක් සමගින් එක්දින ලකුණු 1483 ක් රැස්කර තිබේ.
ඇය විස්සයි20 අන්තර්ජාතික තරග 42 කදී කඩුලූ 43 ක් දවා ගනිමින් ලකුණු 618 ක් ද, රැස්කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.