Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශවිදු - මිනෝද් ශතක ලබති

ශවිදු - මිනෝද් ශතක ලබති

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන් විය. තරගය කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 352 කට කඩුලූ 9 ක් දැවි සිටියදී ඉනිම අත්හිටුවා මලියදේව විද්‍යාලයට පන්දුවට පහර දීමට ආරාධනා කළේය. දිනය නිමාවනවිට කඩුලූ 9 ක් දැවී ලකුණු 332 ක් ලබා ගැනීමට සමත්වු අතර දෙපිළටම පළමු ඉනිමේ ජයක් හිමිනොවීය.

ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ශවිදු දිමන්ත ශතකයක්ද (131) ශෙහාන් ප‍්‍රනාන්දු (55) සහ ජනප‍්‍රිය ප‍්‍රනාන්දු (55) අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.

මිනෝද් භානුක ශතකයක් (133) සහ දමිත සිල්වා (50) අර්ධ ශතකයක් ලබා ගනිමින් මලියදේව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුහ.

ජෝසප් වාස් විදුහල පළමු ඉනිම  ඕවර 95.2 කදී කඩුලූ 9 ක් දැවී 352
(ශවිදු දිමන්ත 131, ශෙහාන් ප‍්‍රනාන්දු 55, ජනප‍්‍රිය ප‍්‍රනාන්දු 55, සචින්ත පිරීස් 40/2, කුසල් ද සිල්වා 49/2)

මලියදේව විදුහල පළමු ඉනිම  ඕවර 85.1 කදී කඩුලූ 9 ක් දැවී 332
(මිනෝද් භානුක 133, දමිත සිල්වා 50, සරින්ද දසනායක 42, කේශාන් විජේරත්න 34, ශවිදු දිමන්ත 78/4, මුශාන්  ඕබි‍්‍රස් 69/3)

 


අදහස් (1)

ශවිදු - මිනෝද් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.