Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විදුලි පංකාවෙන් තණතීරුව වියළයි

විදුලි පංකාවෙන් තණතීරුව වියළයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි අඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේ අවසන් දිනය වූ අද (30 වැනිදා) තණතීරුව වියළා ගැනීමට විදුලි පංකා සහ අධිසැර විදුලි ආලෝක ප‍්‍රභව යොදාගන්නා ලදි.

බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ වැටුණු වර්ෂාව හේතුවෙන් රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ තණතීරුව තෙමුණු අතර අවසන් දිනය වූ අද තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද විය. තණතීරුව වියළා තරගය ආරම්භ කිරීමට කී‍්‍රඩාංගණ බලධාරීන් දැඩි උත්සාහහයක් ගත් නමුත් තරගයේ විසඳුමක් ලබාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් විදුලි පංකා යොදාගනිමින් තණතීරුව වියළීමට ගත් උත්සාහය පිළිබඳව බංග්ලාදේශ කී‍්‍රඩකයෝ විමතියෙන් බලා සිටියහ.


අදහස් (1)

විදුලි පංකාවෙන් තණතීරුව වියළයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.