සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාය හෙට (23) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගාවලිය නම් කර ඇති 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිලෙන් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි ඉවත්කර තිබේ.
තරගාවලියේ දෙවැනි තරගය මේ මස 25 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ද, තෙවැනි තරගය 26 වැනිදා වෙළෙද සේවා සංගම් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයේ තරග හතරකින් සමන්විත එක්දින තරගාවලියෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ තරග 2-1 කින් ජය ලැබූහ. දකුණු අප‍්‍රිකානු පිල ඊයේ (21) පැවැති සිවුවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලූ 5 ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 ක‍්‍රිකට් පිල:
චමරි අතපත්තු (නායිකා), ප‍්‍රසාදිනී වීරක්කොඩි, යශෝධා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, හසිනි පෙරේරා, ඒෂානි ලොකුසූරිය, අමා කාංචනා, නිලක්‍ෂි සිල්වා, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, ඉනෝෂි ප‍්‍රනාන්දු, ඉමල්කා මෙන්ඩිස්, උදේෂිකා ප‍්‍රබෝදනී සහ අනුෂ්කා සංජීවනි
අතිරේක ක‍්‍රීඩිකාවෝ: චන්දිමා ගුණරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, චමරි පොල්ගම්පොළ සහ සදුනි අබේවික‍්‍රම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.