Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන් නවසීලන්තය ඉදිරියට ගෙනෙයි

විලියම්සන් නවසීලන්තය ඉදිරියට ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බාබඩෝස්හි කෙන්සිග්ංටන්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (29 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියේය.

ලකුණු 24 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත පිල, මේ වන විට කොදෙව් පිලට වඩා ලකුණු 307 ක් ඉදිරියෙන් සිටියි. නවසීලන්ත පිල වෙනුවෙන් අගනා ඉනිමක් කී‍්‍රඩා කළ කේන් විලියම්සන් දිනය නිමා වන විට නොදැවී ලකුණු 161 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියේය.

ජේම්ස් නීෂම් (51) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ කේන් විලියම්සන්, පස්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව බෙන් වෙට්ලින් (ලකුණු 29) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන්  ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ලකුණු 55 කට කඩුලූ 4 ක් දවාගත් කේමර් රෝච් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ නමුත් සිවුවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට සිදුවන හෙයින් කොදෙව් පිල මේ වන විටත් සෑහෙන පීඩනයකට නතුවී තිබේ.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කි‍්‍රස් ගේල් (42) සහ ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (68) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු 116 කින් වාර්තා වූ බ‍්‍රැත්වයිට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් අන්තර්ගත විය. කර්ක් එඞ්වඞ් ලකුණු 58 ක් රැුස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 293 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් නීෂම් ලකුණු 78 ක් රැුස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.
ලකුණු 93 කට කඩුලූ 5 ක් දවාගත් සුලෙයිමන් බෙන් නවසීලන්ත පළමු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 61 කට කඩුලූ 4 ක් දවාගත් කේමර් රෝච් ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන්නේය.

නවසීලන්ත පළමු ඉනිම ඕවර 78.2 කදී සියලූ දෙනා දැවී 293
(කේන් විලියම්සන් 43, රොස් ටේලර් 45, බ්‍රෙන්ඩන් මැකලම් 31, ජේම්ස් නීෂම් 78, මාර්ක් කේ‍්‍රං නොදැවී 46, සුලීමන් බෙන් 93/5, කේමර් රෝච් 61/4)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ඕවර 97.1 කදී සියලූ දෙනා දැවී 317
(කි‍්‍රස් ගේල් 42, ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඕවඞ්ස් 58, ඩැරන් බ‍්‍රාවෝ 24, ඩිනේෂ් රැම්ඩින් 45, ජේම්ස් හෝල්ඩර් 38, නීල් වෝග්නර් 64/4, ටෙ‍්‍රන්ට් බෝල්ට් 71/2, ජේම්ස් නීෂම් 12/2)

නවසීලන්ත පළමු ඉනිම ඕවර 89.1 කදී කඩුලූ 7 ක් දැවී 331
(කේන් විලියම්සන් නොදැවී 161, බ්‍රෙන්ඩන් මැකලම් 25, ජේම්ස් නීෂම් 51, බෙන් වෙට්ලින් 29, කේමර් රෝච් 55/4, ජේසන් හෝල්ඩර් 26/2)

036


අදහස් (0)

විලියම්සන් නවසීලන්තය ඉදිරියට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.