Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විරෝධයට ශී‍්‍ර ලංකාව සූදානම්

විරෝධයට ශී‍්‍ර ලංකාව සූදානම්

ශනුක අරවින්ද - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආදායමෙන් වැඩි කොටසක් මෙන්ම තීන්දු තීරණ ගැනීමේ බලතල වැඩි ප‍්‍රමාණයක් ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය යන රටවලට පවරාගත හැකිවන පරිදි සකස් කරන ලද කෙටුම්පත නැවත සකස් කළ යුතු බවත් ඒ පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා ජනවාරි 29 වැනිදා නොව, වෙනත් දිනයක් යොදාගත යුතු බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ ඒකමතික තීරණය වී තිබේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව අද (23 වැනිදා) සවස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදී මෙම කෙටුම්පත පිළිබඳව සාකච්ඡ කෙරුණු අතර විධායක කමිටුවේ බහුතර තීරණය වූයේ ඊට විරුද්ධ විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපති ඇලන් අයිසැක් මහතාට ලිඛිතව දැනුම්දිය යුතු බවත්ය.

මේ අතර අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වලින් කියැවෙන්නේ යම් හෙයකින් යෝජිත කෙටුම්පත මේ මස 29 වැනිදා අනුමත නොකෙරුණහොත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලන තරගාවලි ඇතුළු අනෙකුත් ඉසව්වලින් ඉන්දීය කණ්ඩායම ඉවත්වීමේ සූදානමකින් සිටින බවයි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතුරින් ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය හැරුණු විට සෙසු රටවල් සියල්ලම පාහේ මෙම කෙටුමපතට එරෙහි වී සිටිති.

නව කෙටුම්පත ඉතාමත් අසාධාරණ බවත්, අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවටත් පටහැණි බවත් ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කරන දකුණු අපි‍්‍රකාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි එය ඉල්ලා අස්කරගන්නා ලෙස අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

 


අදහස් (7)

විරෝධයට ශී‍්‍ර ලංකාව සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.