Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (17 වැනිදා) පැවැති තරගය ලකුණු 14 කින් ජයගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 204 ක් පමණි.

පන්දු 42 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 81 ක් රැස්කිරීමට කේන් විලියම්සන් සමත්වුවද තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.

තෙවැනි කඩුල්ල සදහා පන්දු 67 කදී ලකුණු 135 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කේන් විලියම්සන් සහ මනීෂ් පාණ්ඬේ සමත්වූහ.

මනීෂ් පාණ්ඬේ පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 218 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඒ.බී.ඩිවිලියර්ස් සහ මුයින් අලී තෙවැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 107 ක් සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමූහ.

පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට ඒ.බී.ඩිවිලියර්ස් සමත්වූ අතර මුයින් අලී පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 65 ක් රැස්කළේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කොලින් ඩී’ග්‍රැන්ඞ්හෝම් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. අවසන් මොහොතේ පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි සර්ෆරාස් ඛාන් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබාගත්තේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ රෂීඞ් ඛාන් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූ අතර සිද්ධාර්ත් කෞල් ලකුණු 40 කට කඩුලු 2 ක් දවාගත්තේය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් බුවනේෂ්වර් කුමාර් වෙනුවට බැසිල් තම්පි කණ්ඩායමට කැඳවා ඇති අතර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් පසුගිය තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමම අද තරගයටද සහභාගීවීය.

කාසියේ වාසිය ලැබූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 218
(ඒ.බී.ඩිවිලියර්ස් 69, මුයින් අලී 65, කොලින් ඩී’ග්‍රැන්ඞ්හෝම් 40, සර්ෆරාස් ඛාන් නොදැවී 22, රෂීඞ් ඛාන් 27/3, සිද්ධාර්ත් කෞල් 40/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 204
(ඇලෙක්ස් හේල් 37, කේන් විලියම්සන් 81, මනීෂ් පාණ්ඬේ නොදැවී 62)


අදහස් (0)

විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.