Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන විසඳුමකින් තොරයි

වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති 65 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.  

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන අද (14) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 33 ක් රැස්කර සිටියේය.

පළමු දිනය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 208 ක් රැස්කර සිටි වේල්ස් කුමර විදුහල කඩුලූ 7 කට ලකුණු 262 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.

මෙහිදී ජයංග පීරිස් (102) සහ හසිත ලංකා (110) ශතක රැස්කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් නව මහ ක‍්‍රිකට් තරග වාර්තාවක් දෙකක් පිහිටුවීමට සමත් වූහ.

මෙම සම්බන්ධතාව ‘රන් සටන’ මහ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ සිවුවැනි කඩුල්ලට පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව වේ. එය වසර 32 ක් පැරණි වාර්තා බිඳ දැමීමකි.
 
වේල්ස් කුමර විදුහලේ ඉන්ද්‍රජිත් මෙන්ඩිස් සහ ප‍්‍රියලාල් රොද්‍රිගු 1983 වසරේ සිවුවැනි කඩුල්ලට ලකුණු 96 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාවට හිමිකම් කියති.

ජයංග පීරිස් සහ හසිත ලංකා රැස්කළ ශතක දෙක ‘රන් සටන’ මහ ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයන් දෙදෙනකු ඉනිමකදී වසර 55 කට පසුව ශතක රැස් කිරීම කැපී පෙනේ.

වේල්ස් කුමර විදුහලේ ඩබ්ලිව්. ජී. ප‍්‍රනාන්දු සහ සුනිල් ද සිල්වා 1960 වසරේ අවසන් වරට එකම ඉනිමේදී ශතක රැස්කර තිබේ. හසිත ලංකා පන්දු 159 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 110 ක් රැස් කිරීමට සමත් විය.

වේල්ස් කුමර විදුහලේ ජයංග පීරිස් දක්‍ෂතම පිතිකරු ලෙස ද, හසිත ලංකා තරගයේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ. ශාන්ත සෙබස්තියන් විදුහලේ නිමේෂ් බණ්ඩාර දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සඳරුවන් ප‍්‍රනාන්දු දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.

වර්ෂාව හේතුවෙන් දින දෙකේදී  ඕවර 100 ක් පමණ යැවීමට නොහැකි විය.


වේල්ස් කුමර විදුහල් පිල පළමු ඉනිම  ඕවර 86 කදී කඩුලූ 7 ට 262
(ජයංග පීරිස් 102, හසිත ලංකා 110, නිමේෂ් බණ්ඩාර 43/3, ප‍්‍රිමේෂ් ප‍්‍රනාන්දු 53/3)

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 13 කදී කඩුලූ 1 ට 33
(අවිෂ්ක ප‍්‍රනාන්දු නොදැවී 26)  

 


අදහස් (0)

වේල්ස් කුමර - ශා. සෙබස්තියන් රන් සටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.