අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල අද (12 වැනිදා) සමත්විය.
මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කඩුඩු 2 ක ජයක් ලබාගැනීමට වේල්ස් කුමර විදුහල සමත්විය.
සුවත් මෙන්ඩිස් ලකුණු 10 කට කඩුලු 4 ක් ද නදුක ප්‍රනාන්දු සහ රන්පුල් කඩුලු 2 බැගින් දවාගනිමින් මීගමුව මාරිස්ටෙලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(රවිඳු ප්‍රනාන්දු 23, පසිඳු උස්හෙට්ටි 21, චතුර අනුරාධ 20, අශාන් ප්‍රනාන්දු 20, සුවත් මෙන්ඩිස් 10/4, නදුක ප්‍රනාන්දු 29/2, විවිද රන්පුල් 33/2)
වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 45.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 132
(කවිඳු ද මෙල් නොදැවී 32, තවිඳු අමරසිංහ 25, රවිඳු ප්‍රනාන්දු 17/2, පසිඳු උස්හෙට්ටි 32/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.