Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස්කුමර විදුහලට ලකුණු 52 ක ජයක්

වේල්ස්කුමර විදුහලට ලකුණු 52 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුවේ පැවැති තරගයකින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 52 ක ජයක් වාර්තා කිරීමට මොරටුව වේල්ස්කුමර විදුහල සමත්විය.

ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 157 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් සිල්වෙස්ටර්ස් විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි.

තිලාන් නිමේෂ් ලකුණු 50 කට කඩුලූ 8 ක් දවාගනිමින් සිල්වෙස්ටර්ස් විදුහලේ පිතිකරුවන් අසරණ කළේය. ඔහුට අනගි සහයක් දුන් ජයංග පීරිස් 63 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස්කුමර විදුහල සියලූ දෙනා දැවී ලකුණු 272 ක් ලබාගත් අතර ශානුක දුලාජ් (69) සහ ජයංග පීරිස් (68) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


වේල්ස්කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 71.2 කදී සියලූ දෙනා දැවී 272
(ශානුක දුලාජ් 69, ජයංග පීරිස් 68, අශේන් මෙන්ඩිස් 39, විහඟ දිල්ෂාන් 31, නිමේෂ මෙන්ඩිස් 71/4, හංසමාල් පෙරේරා 51/3, ශිවකුමාර් ටිරෝන් 59/3)
 
ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 116
(සුමේධ දිසානායක 34, ඉදුනිල් සමරනන්ද 24, තිලාන් නිමේෂ් 13/3, ශානුක දුලාජ් 21/3, ජයංග පීරිස් 36/2)

ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 104  
(දේවින්ද බණ්ඩාර 22, තිලාන් නිමේෂ් 37/5, ජයංග පීරිස් 27/2)

 

- 036


අදහස් (0)

වේල්ස්කුමර විදුහලට ලකුණු 52 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.