Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික විනිසුරු මණ්ඩලයේ ශ්‍රී ලාංකික සාමාජිකයකු වන රුචිර පල්ලියගුරුගේ මහතා අද (05 වැනිදා) තම 100 වැනි එක්දින අන්තර්ජාතික තරගය විනිශ්චය කළේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඔහුගේ 100 වැනි එක්දින අන්තර්ජාතික තරගය විය.
වසර 2011 දී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති විස්සයි-20 අන්තර්ජාතික තරගයක් විනිශ්චය කරමින් සිය අන්තර්ජාතික විනිසුරු දිවිය ආරම්භ කළ පල්ලියගුරුගේ මහතා එයින් සතියකට පසුව පල්ලෙකැළේදීම ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති එක්දින තරගයක් විනිශ්චය කරමින් එක්දින පිටියට අවතීර්ණ විය.
පල්ලියගුරුගේ මහතාගේ විනිශ්චය දිවියේ සුවිශේෂී අවස්ථාවක් ලෙසින් සැලකෙන්නේ වසර 2015 දී පැවැති ලෝක කුෂලාන තරගාවලියේදී විනිසුරුවරුන් 20 දෙනකුගෙන් සමන්විත සංචිතයට තෝරා ගැනීමයි.
එක්දින අන්තර්ජාතික තරග 100 ක් විනිශ්චය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුචිර පල්ලිගුරුගේ මහතාට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විශේෂ උපහාර සිහිවටනයක් තිළිණ කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් එම උපහාර සිහිවටනය රුචිර පල්ලියගුරුගේ මහතාට ප්‍රදානය කරන ලදි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළ තලයේ විනිසුරුවරු අලාවුද්දීන් පලේකාර් සහ අන්තර්ජාතික විනිසුරු මණ්ඩලයේ සාමාජිකයන් වන අසිෆ් යාකුබ් සහ රවීන්ද්‍ර විමලසිරි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.