පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (14 වැනිදා) දිවා ආහාර විවේකයේදී පැවැති වර්ෂාව සහ ඉන් අනතුරුව පැවැති අයහපත් අලෝක තත්ත්වය නිසා තරගය දිගටම පවත්වාගෙන යා නොහැකි විය.
දිවා ආහාරයෙන් පසුව පස්වරු 2.40 ට තරගය ආරම්භ වූවත් විනාඩි 10 කට පසුව පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන ලදි. ඒ වන විට පාකිස්තානු ‘ඒ’ පිල ඕවර 2 කට මුහුණ දී සිටි නමුත් ලබාගත් ලකුණක් නොවීය.
පස්වරු 4.30 වනතරු විනිසුරුවරුන් බලා සිටියද ආලෝක තත්ත්වයේ වෙනසක් නොවූ හෙයින් දෙවැනි දිනයේ කී‍්‍රඩාව එතැනින් හමාර විය.
හෙට පෙරවරු 9.45 ට තරගය ආරම්භ වීමට නියමිතය. හෙට තරගයේ තුන්වැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.