Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ජනක බණ්ඩාර තෙන්නකෝන්’ අභියෝග කුසලාන වෙනුවෙන් රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැති 7 වැනි වාර්ෂික ක‍්‍රිකට් තරගයෙන් රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ ලකුණු 8 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
එක්දින තරගයක් වන මෙහිදී අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළේය. රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 220 ක් රැස්කිරීමට සමත් වූහ. එහිදී රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉෂාන් ගුණසේන (54) අර්ධ ශතකයක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලයීය පිලට ඕවර 47 කදී සියලූ දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 212 ක් පමණි. එහිදී සචිත් කොහොන රැුස්කළ ලකුණු 59 කැපී පෙනුණි.
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉෂාන් ගුණසේන තරගයේ වීරයා ලෙස ද, පසන් රණසිංහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, අරවින්ද මුණසිංහ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ. වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලයේ සචිත් කොහොන දක්‍ෂතම පිතිකරු ලෙස සම්මාන හිමිකර ගත්තේය.
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම කවීන්ද්‍ර හුලංගමුව විසින් ද, අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සචිත් කොහොන විසින් ද මෙහෙයවනු ලැබූහ.
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස වෝල්ටර් බර්තොලමියුස් සහ පුහුණුකරු ලෙස සුජිත්ප‍්‍රිය නිශාන්ත යන මහත්වරු කටයුතු කරති.
අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් භාර ආචාර්යවරයා සහ පුහුණුකරු ලෙස සුසන්ත කරුණාරත්න මහතා කටයුතු කරයි.
ජයසංකේත ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන අමුත්තා ලෙස මධ්‍යම පළාත් සභාවේ ක‍්‍රීඩා කටයුතු හා වනිතා කටයුතු අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු සහභාගි වූහ.
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය ඕවර 47.2 කදී සියලූ දෙනාම දැවී 220
(ඉෂාන් ගුණසේන 54, අරවින්ද මුණසිංහ 49, ළහිරු ප‍්‍රසාද් 28, කවීන්ද්‍ර හුලංගමුව 12, චතුරංග හේරත් 12, විමුක්ති හේරත් 49/5)
අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය ඕවර 47 කදී සියලූ දෙනාම දැවී 212
(සචිත් කොහොන 59, විදුෂාන් සිල්වා 26, රසික හේරත් 25, අමිල නුවන් 19, අසංක සමන් 12, පසන් රණසිංහ 16/4, චතුරංග හේරත් 46/4)
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය පිලේ නායක කවීන්ද්‍ර හුලංගමුව වෙත ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව
ජයග‍්‍රාහි රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.