රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (21 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතන පිලට (එස්.එල්.අයි.අයි.ටී.) එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ව්‍යාපාර කළමණාකරන පාසල් (බී.එම්.එස්.) කණ්ඩායම සමත්විය.
මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කමිඳු මෙන්ඩිස් සහ කොෂාන් ධනුෂ්ක කඩුලු 2 බැගින් දවාගනිමින් ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
එස්.එල්.අයි.අයි.ටී. - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ලකුණු 57
(කමිඳු මෙන්ඩිස් 05/2, කොෂාන් ධනුෂ්ක 10/2)
බී.එම්.එස්.- ඕවර 5.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 60
(දිනුක් වික්‍රමණායක නොදැවී 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.