(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ තලයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඉරිදා (29) සමත් විය. ඒ ගල්කිස් සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.
තරගය නිමාවට පත්වන පන්දුවට පහර දෙමින් සිටි වේල්ස් කුමරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටියහ. ඒ වන විට ගවීෂ ප්‍රනාන්දු හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා සිටි අතර කාවින්ද කුරේ ලකුණු 36 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
මුල් ඉනිම දෙකේදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් සුවහස් ප්‍රනාන්දු (72), ඔෂාන් ද සිල්වා (79) සහ ගවීෂ ප්‍රනාන්දු (70) අර්ධ ශතක ලබාගත් අතර ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් කවීෂ පෙරේරා (95) අර්ධ ශතකයක් ලබානිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 336
(තුසිඳු දීමන්ත 23, සුවහස් ප්‍රනාන්දු 72, ඔෂාන් ද සිල්වා 79, ගවීෂ ප්‍රනාන්දු 70, කාවින්ද කුරේ 38, සෙනාෂ් හෂේන් 61/3, මලින්ත සිල්වා 97/3, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 99/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 314
(කවීෂ පෙරේරා 95, අදීෂ් අල්මේදා 34, තිවංක ප්‍රනාන්දු 18, ලෂේන් ප්‍රනාන්දු 19, චමත් වෙල්ලාලගේ 40, ෂෙෆාන් ප්‍රනාන්දු 18, මලින්ත සිල්වා 40, සුහස් රණවීර 26/2, ඔෂාන් ද සිල්වා 45/2, සෙනාන් අෂේන් 63/2, නෙතුල් අනුහස් 69/2)
වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 121
(ගවීෂ ප්‍රනාන්දු නොදැවී 33, කාවින්ද කුරේ 36, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 33/2, සෙනාෂ් හෂේන් 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.