Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය අධිකාරියට කඩුලූ 3 ක ජයක්

වරාය අධිකාරියට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය පරදවා කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට වරාය අධිකාරිය සමත්විය. තරගය බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ලකුණු 131 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය වරාය අධිකාරි කණ්ඩායම  ඕවර 31.4 ක් තුළදී කඩුලූ 7 ක් දැවී ඉලක්කය සම්පූර්ණ කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායමට  ඕවර 33.2 ක් අවසානයේ සියලූදෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
 
වරාය අධිකාරි කණ්ඩායමේ අනුක් ද අල්විස් සහ ඉසුරු උදාන කඩුලූ 3 බැගින් දවාලමින් බ්ලූම්ෆීල්ඞ් පිතිකරුවන් අසරණ කිරීමට සමත්වූහ.


බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම  ඕවර 33.2 කදී සියලූදෙනාම දැවී 127
(දිල්හාන් කුරේ 33, ඉසුරු උදාන 33/3, අනුක් ද අල්විස් 37/3, චමින්ද බණ්ඩාර 31/2)

වරාය අධිකාරි කණ්ඩායම  ඕවර 31.4 කදී කඩුලූ 7 ක් දැවී 131
(යොහාන් ද සිල්වා 31, ගයාෂාන් වීරසේකර 24, සචිත‍්‍ර සේරසිංහ 45, සුරාජ් රන්දීව් 21/3)

- 036


අදහස් (0)

වරාය අධිකාරියට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.