Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයස 19 න් පහළ බාලිකා ශූරතාව දේවපතිරාජයට

වයස 19 න් පහළ බාලිකා ශූරතාව දේවපතිරාජයට

editorial - 2021 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද)  


ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය. 
 
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී වාද්දුව මැදි විදුහලට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කරමින් දේවපතිරාජ ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ ඉනිමක් ඕවර 14 කට සීමා කෙරුණ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහල එහිදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 ක් ලබාගත්තේය.

ඉමේෂා දුලානි ලකුණු 22 ක් රැස්කරමින් දේවපතිරාජ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ඉනුෂි ෂෙනොරිකා එහිදී වාද්දුව මැදි විදුහල වෙනුවෙන් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය වාද්දුව මැදි විදුහලට ඕවර 14 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 76 ක් පමණි.

එහිදී සචිනි නිසංසලා, විහාරා සෙව්වන්දි සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවාගනිමින් වාද්දුව මැදි විදුහලේ් ජයග්‍රාහී මාවත අවහිර කළහ.

 


රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 98
(ඉමේෂා දුලානි 22, ඉනුෂි ෂෙනොරිකා 15/3, නෙත්මි පූර්ණා 13/2)
 

වාද්දුව මැදි විදුහල - ඕවර 14 කදී කඩුලු 8 ක් දැවී 76
(නවෝද්‍යා නෙත්මිණි 23, සචිනි නිසංසලා 08/2, විහාරා සෙව්වන්දි 16/2, කවීෂා දිල්හාරි 17/2)

 

 


අදහස් (0)

වයස 19 න් පහළ බාලිකා ශූරතාව දේවපතිරාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.