Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු පසුකරමින් මහීෂ් ඉදිරියට

වනිඳු පසුකරමින් මහීෂ් ඉදිරියට

editorial - 2022 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගතකිරීම්වලට පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් එක් ස්ථානයක් ඉදිරියට එමින් තීක්ෂණ 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර විස්සයි-20 ශ්‍රේණිගතකිරීම්හි ඔහු හිමිකරගත් ඉහළම ස්ථානයද එය විය.

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භවන විට විස්සයි-20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයේ පසුවූ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත. එහිදී තීක්ෂණට අමතරව වනිඳුට වඩා පසුපසින් සිටි කොදෙව් ක්‍රීඩක අකීල් හොසේන් සහ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක මුජිබුර් රහමන්ද වනිඳු පසුකර ඉදිරියට ගොස් ඇත.

මේ අතර විස්සයි-20 පිතිකරුවන් අතර එක් ස්ථානයක් ඉදිරියට එමින් 8 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වන විට 9 වැනි ස්ථානට පසුවූ ඔහුට ස්ථානයක් ඉදිරියට ඒමට අවස්ථාව උදා වී ඇත්තේ ඉන්දියාවට එරෙහිව ලබාගත් අර්ධ ශතකය (52) හේතුවෙනි. නායක දසුන් ශානක ස්ථාන 7 ක් ඉදිරියට එමින් 39 වැනි ස්ථානයේද, කුසල් මෙන්ඩිස් ස්ථාන 18 ක් ඉදිරියට එමින් 42 වැනි ස්ථානයේ පසුවෙති.

මේ දක්වා ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පාකිස්තානයේ ‍කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් (192) විස්සයි-20 පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටින අතර පාකිස්ථාන නායක බාබර් අසාම් සහ ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ් තවදුරටත් විස්සයි-20 පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවේ.


අදහස් (0)

වනිඳු පසුකරමින් මහීෂ් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.