උඩුගම්පොළදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරගයකින් උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විදුහල පරදවා කඩුලූ 10 ක ජයක් වාර්තා කිරීමට වත්තල ශාන්ත ජෝශප් විදුහල සමත්විය.
තරගය ජයගැනීම සඳහා අවශ්යවූ ලකුණු 12 කිසිවෙකු දැවීයෑමට පෙර පන්දු 3 ක් තුළදී ලබාගැනීමට ශාන්ත ජෝශප් විදුහලේ පසිඳු ගුණවර්ධන සමත්විය.
සෙනරත් පරණවිතාන විදුහලේ හරිත රාජපක්ෂ ලකුණු 74 ක් රැස්කළත් පරාජයෙන් ගැලවීම සඳහා එය ප්රමාණවත් නොවීය. රොෂේන් රණතුංග (54) ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් වාර්තාවූ එකම අර්ධ ශතකයට හිමිකම් කීවේය.
සෙනරත් පරණවිතාන විදුහල පළමු ඉනිම ඕවර 30.2 කදී සියලූදෙනා දැවී 113
(නිපුන දර්ශන 42, රෙනෝ ක්ලැප්සීන් 35/3, රොෂේන් රණතුංග 5/2, මධුර ප්රනාන්දු 8/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 75 කදී සියලූදෙනා දැවී 294
(රොෂේන් රණතුංග 54, ජනිත් රොසාරියන් 47, මලීෂා මෙන්ඩිස් 39, රචිත ක්ලෙමෙන්ට්ස් 30, දේෂාන් හපුආරච්චි 21, රෙනෝ ක්ලැප්සීන් 20)
සෙනරත් පරණවිතාන විදුහල දෙවැනි ඉනිම ඕවර 47.3 කදී සියලූදෙනා දැවී 191
(හරිත රාජපක්ෂ 74, භානුක වත්තේගම 29, යූ. දේවවිතාරණ 20)
ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම ඕවර 0.3 කදී කිසිවෙකු නොදැවී 12
(පසිඳු ගුණවර්ධන නොදැවී 12)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.