ශී‍්‍ර ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් කී‍්‍රඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කළද මාස පහකට ආසන්න කාලයක් මුළුල්ලේ ඒ පිළිබඳව කිසිදු විනයානුකූල පියවරක් ගෙන නොමැති අතරම එම කමිටුවේ වාර්තාව තවම ඉදිරිපත් කර නොමැත.
මුලින්ම අදාල ප්‍රවෘත්තිය සාවද්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ නමුත් පසුව ක්‍රිකට් ආයතනයේම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මේ පිළිබද පරීක්ෂණයක් පවත්වන ලදි. එම පරීක්ෂණයේදී ඇතැම් කී‍්‍රඩිකාවන් ලබා දුන් කට උත්තර පිළිබඳ තොරතුරු මාධ්‍යය ඔස්සේ පළවීම නිසා එම පරීක්ෂණයේ රහස්‍යභාවය පිළිබඳව ගැටලූ මතු විය.
ඉන්පසුව හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර ඒ කමිටුව මාස ගණනක් මුළුල්ලේ තවමත් ක්‍රීඩිකාවන්ගෙන් හා නිලධාරීන්ගෙන් කටඋත්තර ගනිමින් සිටින බව පැවසේ.
වාර්තා වන අන්දමට මෙම ලිංගික අල්ලස් සිද්ධියේ කාන්තා තේරීම් කමිටු නිලධාරියෙකුට හා ක්‍රිකට් ආයතනයේ කාන්තා කි‍්‍රකට් අංශය භාර නිලධාරිනියකට චෝදනා එල්ලවී ඇති අතර කණ්ඩායම් කළමනාකාරීත්වයට සම්බන්ධ නිලධාරියෙකු සංචාරය අතරතුර නොමනා හැසිරීම් පිළිබද චෝදනා ලබා ඇත.
මෙම සිද්ධිය නිසා තේරීම් කමිටුව ඇතැම් කී‍්‍රඩිකාවන්ගෙන් පලිගැනීම් අරඹා ඇති අතර ඔවුන් පසුගිය දා ක්‍රීඩිකාවන් වාර්ෂික කොන්ත්‍රාත් සදහා වර්ගීකරණයේදී එය අසාධාරණ අයුරින් කර ඇති බවටද චොදනා එල්ල විය. ක්‍රිකට් ආයතනයද තේරීම් කමිටුවේ මෙම වර්ගීකරණය ඒ අයුරින්ම බාරගෙන ඇති අතර මේ ගැන නැවත සලකා බලා අසාධාරණයට ලක්වූ ක්‍රීඩිකාවන්ට සාධාරණය ඉෂ්ට කර දෙන මෙන් කී‍්‍රඩිකාවන් කර ඇති ඉල්ලීම නොසලකා හැර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා කී‍්‍රඩිකාවන්ට කරන කුඩම්මාගේ සැලකිල්ල තවත් තහවුරු කරමින් මේ මස අවසානයේ පැවැත්වීමට තිබූ බංග්ලාදේශ සංචාරය මුදල් නොමැතිබව කියමින් අවලංගු කර ඇතැයිද වාර්තා වේ.
කී‍්‍රඩා අමාත්‍යාංශය පත්කළ කමිටුවේ වාර්තාව ගැන කරන ලද විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසනායක මහතා පැවසුවේ ඒ ගැන වහාම සොයා බලන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.