Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලිංගික අල්ලස් ගැන විමර්ශනයට විශ‍්‍රාමික විනිසුරුවරියක්

ලිංගික අල්ලස් ගැන විමර්ශනයට විශ‍්‍රාමික විනිසුරුවරියක්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවන් මුහුණ දුන්නේ යැයි කියන ‘ලිංගික අල්ලස්’ සිද්ධිය පිළිබදව පරීක්‍ෂණය පැවැත්වීමට මේ වන විට විශ‍්‍රාමලත් විනිසුරුවරියක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ සඳහා පත්කරන ලද විනිසුරුවරිය පිළිබදව විස්තර හෙට (07) නිලවශයෙන් නිවේදනය කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

විනිසුරුවරියගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව සඳහා නියෝජිතයන් ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබීමට නියමිත අතර එම කමිටුවට විසින් ස්වාධීන පරීක්‍ෂණයක් කරනු ලැබීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබදව පරීක්‍ෂණයක් පැවැත්වීමට ක‍්‍රිකට් විධායක කමිටුව එහි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ ද ඒ සදහා විශ‍්‍රාමලත් විනිසුරුවරියක් පත්කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය මේ සතිය මුල ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් පිලේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක් සහ තේරීම් කමිටු සාමාජිකයකු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.


අදහස් (0)

ලිංගික අල්ලස් ගැන විමර්ශනයට විශ‍්‍රාමික විනිසුරුවරියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.