ඕස්ටේ්රලියාවේදී සහ නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. නාලිකාවට අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.
ලෝක කුසලාන තරග විකාශය සදහා මේ වන විටත් ජාතික රූපවාහිනිය සූදානම් වෙමින් සිටින බවත් රූපවාහිනි සංස්ථාව මේ වන විටත් ඒ සදහා කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ. ඊයේ වන විට ලෝක කුසලාන තරග විකාශය කිරීම වෙනුවෙන් නව බදවා ගැනීම්වලට පවා රූපවාහිනි සංස්ථාව මුල පුරා තිබූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සී.එස්.එන්. ආයතනය ගිවිසුම් ප්‍රකාරව මුදල් ගෙවා නොමැති වීමෙන් එම ආයතනයේ නිල විකාශන අයිතිය අවලංගු වී ඇතැයි තමන්ටද දැනගන්නට ඇති බවයි.
”ලෝක කුසලාන තරගාවලියේ තරග විකාශන අයිතිය ඉල්ලා සිටිමින් ජාතික රූපවාහිනියත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට (අයි.සී.සී) නිල අයැදුම්පතක් යොමු කළා. නමුත් ඔවුන් සී. එස්. එන්. ආයතනය සමඟ ගිවිසුමට එළඹ සිටීම නිසා එය ප්‍රතික්ෂේප වුණා”
”ඒත් දැන් උද්ගතවී ඇති තත්ත්වය අනුව තරග විකාශය කිරීමේ අයිතිය අපිටලැබීමේ අවස්ථාවක් තිබෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තත්ත්වය පිළිබදව කළ විමසුමකදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවැසුවේ ඒ පිළිබද අවසන් තීරණය අද ගනු ඇති බවයි.
”ඒ පිළිබදව විශේෂ සාකච්ඡුාවක් නෑ. නමුත් අද සී.එස්.එන්. ආයතනය තීරණය කරයි ඔවුන් මෙය කරනවාද නැද්ද කියලා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
සී.එස්.එන්. නාලිකාවේ ක්‍රීඩා අධ්යක්ෂ ගිහාන් සමරනායක මහතාගෙන් මේ පිළිබදව කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඊයේ පස්වරුව දක්වා තම ආයතනයට නිල විකාශන අයිතිය අහිමිවී නොමැති බවයි.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (සී.එස්.එන්.) සමාගම හිටපු ජනාධිපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයිති බව කියවෙන අතර පසුගියදා පැවැති අය වැය යෝජනා මාලාවේදී කී‍්‍රඩා නාළික සම්බන්ධයෙන් විශාල බද්දක් අයකිරීමට රජය තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.