‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මීගමුව ලොයෝලා විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලොයෝලා විද්‍යාලයේ ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ (132) ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද, හෂේන් ලලින්ද්‍ර කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ. දිනිඳු මදුශාන් අර්ධ ශතකයක් සහ කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙත් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ලොයෝලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ 132, දිනිඳු මදුශාන් නොදැවී 54, හෂේන් ලලින්ද්‍ර 53, ලක්ෂිත දිල්ෂාන් 27, හංසජ හිරුණ 21, කළණ මදුසංක 41/3, බුද්ධි මදුශාන් 42/3, අමෝද්‍ය හේෂාන් 75/2)
සීතාවක ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(බුද්ධි මදුශාන් 57, දසිත් තරූෂ 22, හෂේන් ලලින්ද්‍ර 19/4, දිනිඳු මදුශාන් 62/3, හංසජ හිරුණ 12/3)
සීතාවක ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 59 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 171
(බුද්ධි මදුශාන් 62, කළණ මදුශංක 32, හෂේන් ලලින්ද්‍ර 79/4, දිනිඳු මදුශාන් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.