Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලූම්බිණියට පළමු ඉනිමේ ජයක්

ලූම්බිණියට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලූම්බිණි විදුහල සමත්විය.

එහිදී ලූම්බිණි විදුහලේ වාසනා මධුසංක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට ශාන්ත සර්වේශස් විදුහලේ කඩුලූ 6 ක් දවාගත්තේය.

ලූම්බිණි විදුහල වෙනුවෙන් ජනිත් ඩයස් (52) ද, ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් රමේෂ් නිමන්ත (නොදැවී 59) ද අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

 

ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 102
(ප‍්‍රමෝද් මධුෂාන් 27, රජන්ත චන්දුල 26, වාසනා මධුසංක 7/6, චානක දේවින්ද 18/2)

ලූම්බිණි විදුහල පළමු ඉනිම -  ඕවර 46.1 කදී කඩුලූ 9 ක් දැවී 191
(ජනිත් ඩයස් 52, වාසනා මධුසංක 42, මොහොමඞ් අක්රම් 27, සංජීව සිල්වා 26, තනුක දාබරේ 23, අශේන් දීමන්ත 61/5, චානුක ඩිල්ෂාන් 41/2)
 
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 43 කදී කඩුලූ 4 ක්  දැවී 134
(රමේෂ් නිමන්ත නොදැවී 59, කවිඳු උමේෂ් නොදැවී 33, චානක දේවින්ද 34/2)


- 036


අදහස් (0)

ලූම්බිණියට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.