ලීඞ්ස් ජාත්‍යන්තර පාසැල් ජාලය ප්‍රථම වරට වාර්ෂික ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගයට ලීඞ්ස් ජාත්‍යන්තර පාසල් ජාලයේ බස්නාහිර පළාත් කණ්ඩායම හා දකුණු පළාත් ලීඞ්ස් පාසල් කණ්ඩායම අතර පැවැත්වේ.
තරගය අප්‍රේල් 01 වැනිදා බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
ලීඞ්ස් දකුණු පළාත් කණ්ඩායම දමිඳු වඩුගේ විසින් මෙහෙයවනු ලබයි. ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙසින් සමන්ත කුමාර මහතා කටයුතු කරන අතර තුසිත කුමාර මහතා පුහුණුකරුවා වෙයි.
බස්නාහිර පළාත් කණ්ඩායම උමේෂ් ද සිල්වාගේ නායකත්වය යටතේ තරග වදී. ජුඞ් ප්‍රනාන්දු මහතා කණ්ඩායම බාර නිලධාරියා වශයෙන් කටයුතු කරයි. චන්න ප්‍රසාද් මහතා පුහුණුකරු ධුරය දරයි.
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.