Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයිසියම් ක‍්‍රිකට් ශූරතාව පානදුරට

ලයිසියම් ක‍්‍රිකට් ශූරතාව පානදුරට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘නිකිති ගේ‍්‍රරු අභියෝග කුසලාන’ වාර්ෂික ක‍්‍රිකට් තරගයෙන් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ.  

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 91 ක් ලැබීය. එම ඉලක්කය කඩුලූ පහක් දැවී සපුරා ගැනීමට පානදුර ලයිසියම් පාසල් පිල සමත්විය. තරගයේ දක්ෂතම පිතිකරුවා මෙන්ම තරගයේ වීරය ලෙස පානදුර ලයිසියම් පාසලේ චාලක නල්ලපෙරුම සම්මාන ලැබීය.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිශ්ශංක වීරසේකර දක්ෂතම පන්දු රකින්නා ලෙසද, ඉසුරු පෙරේරා දක්ෂතම පන්දු යවන්නා ලෙසද සම්මාන ලැබුහ.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නිර්මාතෘ විශ්ව විද්‍යාල රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ‍්‍රරු, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනී වෙනුරි හෙට්ටිආරච්චි, ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනී කුමාරි ගේ‍්‍රරු, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති මලිත් කුමාරසිංහ, ලයිසියම් ජාත්‍යන්තර පාසල් අධ්‍යක්ෂ නිකිත ගේ‍්‍රරු සහ ලයිසියම් ආදී ශිෂ්‍ය එකමුතුවේ සභාපති ඩොමිනික් කෙලර් යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ.


නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ඕවර 28.4 කදී 91
(චෙහාන් වල්පොල 13, ඉසුරු පෙරේරා 31/4)

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල  ඕවර 11.5 කදී කඩුලූ 5 ට 92
(චාලක නල්ලපෙරුම 24, සජිත කලූආරච්චි 36/2, බිනුක් තඹවිට 18/2)


- 090    

 


අදහස් (0)

ලයිසියම් ක‍්‍රිකට් ශූරතාව පානදුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.