Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයිසියම් විදුහලට විශිෂ්ට ජයක්

ලයිසියම් විදුහලට විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, වාද්දුව පොතුපිටිය මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 168 ක විශිෂ්ට ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙරේදා (4) සමත් විය. මෙම තරගය සීලරතන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රුසිරු ප්‍රනාන්දු ලකුණු 111 ක් ලබා ගත්තේය. එම විද්‍යාලයේම නෙවින් රොද්‍රිගෝ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 09 කට කඩලු 5 ක් බිඳ හෙළීය.


ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 51 කදි කඩුලු 7 කට ලකුණු 332
(රුසිරු ප්‍රනාන්දු 111, යසිත් කලු පහන 69, රාහුල ද සිල්වා 45, දුලාන් පෙරේරා 40, තේජාන් පීරිස් 22, සජාඞ් අහමඞ් 20,  රංගික කුමාර 93/3 )

පොතුපිටිය මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 26 කදී සියලු දෙනා දැවී ලකුණු 95
(අවිෂ්ක ධනංජය 39, ඉෂාර මධුසංක 33, නෙවින් රොද්‍රිගෝ 09/5, ඩිලංක දලුවත්ත 24/3 )

පොතුපිටිය මහ විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී ලකුණු 69
(ඩිලංක දලුවත්ත 25/4, චතුන්ක ද මෙල් 09/2)

 


අදහස් (0)

ලයිසියම් විදුහලට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.