Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලන්ත‍්‍රාගේ දිවි ඉනිම නිමවෙයි

ලන්ත‍්‍රාගේ දිවි ඉනිම නිමවෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු වූ ලන්ත‍්‍රා ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. ඒ මහතා 1981 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී දශකයේ අග භාගයේ ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

ලන්ත‍්‍රා ප‍්‍රනාන්දු වසර 1982 දී දකුණු අපි‍්‍රකාවේ සංචාරය කළ කැරළිකාර කණ්ඩායමද නියෝජනය කළේය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු ක‍්‍රිකට් නායකයකු මෙන්ම එම විදුහලේ හිටපු ක‍්‍රිකට් පුහුණුකරුවකු ද වන ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 58 වැනි වියේ පසුවිය. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වූ හෙතෙම 1981 වසරේ සිට වසර තුනක් මොරටුව ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස ද කටයුතු කළේය.

දකුණතින් වේග පන්දු යවන්නකු වන ලන්ත‍්‍රා මහතා පළමු පෙළ තරග 26 කදී කඩුලූ 33 ක් දවා ගනිමින් ලකුණු 463 ක් ද රැස්කර තිබේ.

ඒ මහතාගේ දේහය නො. 30/60 ‘ඒ’, ජුබිලි පාර, ලක්‍ෂපතිය, මොරටුව යන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (25) පස්වරු 4.00 ට කොරළවැල්ල, ශාන්ත පීතර දෙව්මැදුරේදී කිරීමට නියමිතය.


- 048


අදහස් (1)

ලන්ත‍්‍රාගේ දිවි ඉනිම නිමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.