Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාවල්පිණ්ඩි ලකුණු සැණකෙළියේදී පිට පිටම දෙවැනි ඉනිමේත් ශතකයක් ලබාගත් ඉමාම්-උල්-හක් වාර්තා පොත් අතරට එක්වෙද්දී ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. මුල් ඉනිමේදී ලකුණු 17 ක සියුම් වාසියක් අත්කරගත් පාකිස්තානුවෝ සිය දෙවැනි ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 252 ක් ලබාගනිමින් තරගයේ අවසන් දිනය වූ අද (8 වැනිදා) කී‍්‍රඩාව නිමා කළහ.
ඒ වෙනුවෙන් පාකිස්තානු පිතිකරුවෝ ඕවර 77 ක් පුරා ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ.
ටෙස්ට් තරග 11 කට පසුව සිය මංගල ටෙස්ට් තරගය ලබාගත් ඉමාම්-උල්-හක් එම තරගයේදීම සිය දෙවැනි ටෙස්ට් ශතකයක් ලබාගත්තේය. මුල් ඉනිමේදී ලකුණු 157 ක් ලබාගත් ඉමාම්-උල්-හක්, අද දිනයේත් පැය 5 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 111 ක් ලබාගත්තේ හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසමිනි.
ඉමාම්ගේ සහායක ආරම්භක පිතිකරුවා වූ අබ්දුල් ශෆීක් ද සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ තරගයේ තීරණයක් පෙනෙන තෙක් මානයක නොතිබූ හෙයිිනි.
දින 5 ක් ඇතුළත ලකුණු 1,187 ක් වාර්තා වූ රාවල්පිණ්ඩි තණතීරුවේදී බිඳවැටුණේ කඩුලූ 14 ක් පමණි. තරගයේ තීරණයක් පෙනෙන්නට නොතිබූ හෙයින් තමන්ගේ ඉදිරිපෙළ පන්දු යවන්නන් වහංගු කරගත් ඕස්ටේ‍්‍රලියානු නායකයා, අතිරේක පන්දු යවන්නන් ද යොදාගනිමින් පන්දු යවන්නන්ගේ ලයිස්තුව කී‍්‍රඩකයන් 9 ක් දක්වා දීර්ඝ කළේය. ඉදිරිපෙළ පන්දු යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඞ් තිදෙනාම එක්ව යැවූයේ ඕවර 16 ක් පමණි.
කෙසේ වෙතත් කඩුලූ 9 කට ලකුණු 449 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියානුවන් අද පෙරවරුවේදී ඉනිම ආරම්භ කිරීමෙන් පසුව අවසන් කඩුලූ 3 දවාගැනීමට පකිස්තානු පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ පන්දු 9 කි. එබැවින් පාකිස්තානුවන්ට ලකුණු 17 ක මුල් ඉනිමේ වාසියක් අත්විය.
වමතින් දඟ පන්දු යවන්නා වූ නවුමන් අලී ලකුණු 107 කට කඩුලූ 6 ක් දවාගනිමින් සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ හෙයින්, රාවල්පිණ්ඩි තණතීරුව සම්බන්ධයෙන් කිසිවකුට මැසිවිලි කීමේ හැකියාවක් ද නැත.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී 476
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 459
පාකිස්තානය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 252
(අබ්දුල්ලා ශෆීක් නොදැවී 136, ඉමාම්-උල්-හක් නොදැවී 111)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.