Last Update  :  2026-03-31 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු ලයනල් ප්‍රනාන්දු සමුගනී

ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු ලයනල් ප්‍රනාන්දු සමුගනී

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය. 

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලයනල් ප්‍රනාන්දු දකුණත් පිතිකරුවකු මෙන්ම වේග පන්දු යවන්නකු ද විය. 1956 සිට 1959 දක්වා ශාන්ත බෙනඩික්ට් විද්‍යාල කණ්ඩායම නියෝජනය කළ හෙතෙම, වරක් පාසල් තරගයකදී කඩුලු 10 ක් දවාගනිමින්, එම තරගයේදීම ද්විත්ව ශතකයක් ද ලබා තිබේ. 

1965 සිට 1970 දක්වා ලංකා කණ්ඩායම නියෝජනය කළ ලයනල් ප්‍රනාන්දු පළමු පෙළ තරග 12 කදී ලකුණු 488 ක් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ දේශීය තරග සඳහා පළමු පෙළ තත්ත්වය නොතිබූ එකල, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය කණ්ඩායම් වලට එරෙහිව පැවැත්වෙන තරග සලකන ලද්දේ පළමු පෙළ තරග ලෙසිනි. 

- 213 


අදහස් (0)

ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු ලයනල් ප්‍රනාන්දු සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.