ප‍්‍රවීන කි‍්‍රකට් විස්තර විචාරක රිචී බෙනෝ මහතා ඊයේ (24 වැනිදා) සිදුවූ රිය අනතුරක් නිසා රෝහල් ගතකර තිබේ. ඔහුගේ මෝටර් රථය සිඞ්නි නගරයේ පිහිටි නිවස කරා පදවමින් සිටි අවස්ථාවේ, එය ගඩොලින් නිමවූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුර සිදුවන විට රිචී බෙනෝ මහතා පදවමින් සිට ඇත්තේ 1963 වසරේ නිෂ්පාදිත ‘සන්බීම් ඇල්පයින්’ වර්ගයේ ඉතා පැරණි මෝටර් රථයකි.
”කිසිවෙකු තුවාල ලැබුවේ නැහැ, මම හුගක් කණගාටු වුණේ මට වඩා මගේ කාර් එක ගැනයි” අනතුර පිළිඳව ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසීය.
අනතුරට ලක්වූ මෝටර් රථයේ ඉදිරිපසට සහ බඳට යම් තරමක හානිවී තිබුණද, එහි ඉදිරිපස වීදුරුව බිඳී තිබුණේ නැත.
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු නායකයකු වන රිචී බෙනෝ මහතා 1964 වසරේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමත් සමගම කි‍්‍රකට් විස්තර විචාරයට එක්විය.
අනතුර නිසා පපුවේ සහ උරහිසේ සුළු තුවාල ඇතිවූවද 83 න් හැවිරිදි රිචී බෙනෝ මහතා ලබන මාසයේ ආරම්භ වන අළුබඳුන තාරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාවේ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවාවේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටී.
ඔහුගේ බිරිද ඩැෆ්නි මහත්මිය කියා සිටියේ ඔහු අනතුරෙන් පසුව තරමක වික්ෂිප්ත ස්භාවයකින් පසුවූවත් ඉතා ඉක්මනින් නැවතත් යථා තත්ත්වයට පැමිණි බවයි.
රිචී බෙනෝ මහතා ජාතික වස්තුවක් බවත්, ඔහු යථා තත්ත්වයට පැමිණි විගසම නැවතත් විස්තර විචාරක කුටියට පැමිණෙනු ඇති බවත් ‘චැනල් නයින්’ රූපවාහිනී සේවාවේ ප‍්‍රධාන විධායක ඬේවිඞ් ජින්ජල් මහතා ප‍්‍රකාශ කළේය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.