Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

රිච්මන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල අද (27) සමත්විය.

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටු විද්‍යාලය කඩුලූ 5 කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල, කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරයැමට සමත්විය. වනිඳු හසරංග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මොරටු විද්‍යාලයට, සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 195 ක් පමණි. ලකුණු 33 කට කඩුලූ 4 ක් දවාගත් තිසර භානුක, මොරටු විද්‍යාලයේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.


මොරටු විද්‍යාලය - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 195
(ශමින්ද ප‍්‍රනාන්දු 53, ශානුක මධුෂාන් නොදැවී 39, සමිත් කවිෂ්ක 28, තිසර භානුක 33/4, වරුණ දේෂපි‍්‍රය 34/2)

රිච්මන්ඞ් විදුහල - ඕවර 38.1 කදී කඩුලූ 5 ක් දැවී 199
(වනිඳු හසරංග නොදැවී 59, කැලූම් නානායක්කාර 31, සිතාර ගිම්හාන 29, චරිත් අසලංක 28, හසිත මදුෂාන් 25, හර්ෂ දේවින්ද 37/2, දිනුක පීරිස් 40/2)


- 036

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.