Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චරිත් අසලංකගේ අගනා ශතකය නිසා ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරදවා කඩුලූ 9 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත්විය.

පළමු ඉනිමේදී රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් පන්දු 160 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 20 ක් සමගින් ලකුණු 135 ක් රැස්කිරීමට චරිත් අසලංක සමත්විය. කමිඳු මෙන්ඩිස් (නොදැවී 83) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181 ක සම්බන්ධයක් ගොඩනැගූ චරිත් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 285 ක් දක්වා ඔසවා තැබීය.

තරගය පුරාම ධර්මාශෝක පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ රිච්මන්ඞ් විදුහලේ වරුණ දේශපි‍්‍රය ඉනිම දෙකේදීම ලකුණු 77 කට කඩුලූ 7 ක් දවාගත්තේය.

ධර්මාශෝක විදුහල පළමු ඉනිම -  ඕවර 55.4 කදී සියලූදෙනා දැවී 158
(සචින් දිවංගන 50, පසන් පියරංග 23, වරුණ දේශපි‍්‍රය 51/4, සවීන් නානායක්කාර 32/2)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 64 කදී කඩුලූ 7 ක් දැවී 285
(චරිත් අසලංක 135, කමිඳු මෙන්ඩිස් නොදැවී 83, සවීන් නානායක්කාර 21, වනිඳු හසරංග 17, සුධාර දේශාන්ත 64/2, තිලාන් මධුරංග 96/3, උෂාන් ඉමන්ත 64/2)

ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 60 කදී සියලූදෙනා දැවී 162
(ඉසුරු චතුරංග 55, හසිඳු විදර්ෂණ 36, කවීෂ කුමාර 17, වරුණ දේශපි‍්‍රය 26/3, තිසර භානුක 11/2, චරිත් අසලංක 40/2, වනිඳු හසරංග 44/2)

රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 5.1 කදී එක් කඩුල්ලක් දැවී 37
(චරිත් අසලංක නොදැවී 16, කැලූම් නානායක්කාර නොදැවී 15)

036


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.