මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ අද (9 වැනිදා) ආරම්භවූ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරයකදී රිච්මන්ඞ් විදුහලේ කැලූම් නානායක්කාර නොදැවී ලකුණු 56 ක් ලබාගනිමින්, මාතර ශාන්ත සර්වේෂස් විදුහල සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 90 පසුකර යෑමට ගාල්ල රිච්මන්ඞ් කණ්ඩායමට අවස්ථාව උදාකර දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේෂස් ලකුණු 90 කට සීමා කිරීමට චරිත් අසලංක (12/3) ප‍්‍රමුඛ රිච්මන්ඞ් පන්දුයවන්නෝ සමත්වූහ. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි රිච්මන්ඞ් විදුහල කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 117 ක් ලබා මුල් ඉනිමේ පෙරමුණ ගෙන සිටියේය.
සවස් කාලයේ පැවති මන්දාලෝක තත්ත්වය නිසා තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
ශාන්ත සර්වේෂස් විදුහල පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලූදෙනා දැවී ලකුණු 90
(මයන්ත අබේදීර 40, චරිත් අසලංක 12/3, වරුණ දේශපි‍්‍රය 2/2, සවීන් නානායක්කාර 24/2, චමෝද් පියුමාල් 42/2)
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 24.1 කදී කඩුලූ 2 කට 117
(කැලූම් නානායක්කාර නොදැවී 56, සිතාර ගිම්හාන 29, චරිත් අසලංක 15)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.