ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය බස්නාහිර ගී‍්‍රන්ස් පිල සහ කඳුරට මෙරූන්ස් පිල අතර හෙට (17 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
මෙම තරගයේදී බස්නාහිර ගී‍්‍රන්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන අතර ළහිරු තිරිමාන්න කඳුරට මෙරූන්ස් පිල මෙහෙයවයි.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනුශූරයන්ට රුපියල් ලක්‍ෂ හත හමාරක මුදල් ත්‍යාගයක් හිමිවේ.
අවලංගු කරන ලද එස්. එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම ලබන මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට නියමිතය.
කි‍්‍රකට් කී‍්‍රඩා කරන ප‍්‍රධානතම රටවල වි:20 ශූරයන් අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග් තරගාවලියට පොරතුව සුදුසුකම් තේරීමේ තරගාවලිය පැවැත්වේ. ඒ සඳහා අයි. පී. එල්. තරගාවලියේ සිවුවැනි ස්ථානය ලද කණ්ඩායමත්, ශී‍්‍ර ලංකාව නියෝජනය කරන කණ්ඩායමත්, ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම සහ ෆයිස්ලාබාස් වුල්ව්ස් කණ්ඩායමත් සහභාගි වෙති.
සුදුසුකම් තේරීමේ තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක ශූරයන්ගේ කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.