Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාසා හසන්ට දෙවසරක තහනමක්

රාසා හසන්ට දෙවසරක තහනමක්

Dilrukshi - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාකිස්තාන කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක රාසා හසන් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වීම නිසා වසර දෙකක කාලයක් යනතුරු ඔහුට කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම තහනම් කර ඇත.රාසා හසන් තහනම් උත්තේජක ගත්තේද යන්න පිළිබඳව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය  පරීක්ෂණයක් කළ අතර රාසා හසන් තහනම් උත්තේජක ලබාගෙන ඇති බව එහිදි අනාවරණය විය. මෙම පරීක්‍ෂණය කළේ පාකිස්තානයේ දේශීය කණ්ඩායම් පහක් අතර පැවැති එක්දින තරගාවලියක් අතරතුරදීය.

රාසා හසන්ගේ මුත‍්‍රා සාම්පල අන්තර්ජාතික තහනම් උත්තේජක විරෝධී ආයතනයේ අනුමැතිය ලත් පරීක්‍ෂණාගාරයකදී පරීක්‍ෂණයට ලක්කර ඇති අතර එහිදි රාසා හසන් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී තිබේ.

ඉදිරි වසර දෙකක කාලයේදී කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ කිසිදු කි‍්‍රයාකාරකමකට හෝ කි‍්‍රකට් තරගයක කී‍්‍රඩා කිරීමට රාසා හසන් සුදුසුකම් නොලබන අතර ඔහුට සහභාගී වීමට අවසර ලැබෙන්නේ තහනම් උත්තේජක නිවාරණ අධ්‍යාපන වැඩසටහන්වලට හෝ පුනරුත්ථාපන වැඩසටහන්වලට හෝ පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවසර ලැබෙන තරග වලට පමණි.

මාර්තු 24 වැනිදා රාසා හසන් තහනම් උත්තේජක ගත් බවට අනාවරණය වූ අතර සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීම සඳහා දින 14 කාලයක් ඔහුට ලබාදුන්නද ඔහු ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.2012 වසරේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට පැමිණි රාසා හසන් විස්සයි:20 තරග 10 සහභාගී වී ඇති අතර සහභාගී වී ඇත්තේ එක් එක්දින ජාත්‍යන්තර තරගයකට පමණි.

 


අදහස් (0)

රාසා හසන්ට දෙවසරක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.