Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, රත්මලාන කොතලාවලපුර මහා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (12) සමත් විය. මෙම තරගය රාජසිංහ මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනාගත් රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට කොතලාවපුර මහා විදුහලට ආරාධනා කර සිටි අතර එහිදී ඕවර 30කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142 පමණි.
පළමු ඉනිම ඇරඹූ රාජසිංහ මධ්‍ය විද්‍යාලය ඕවර 38කදී කඩුලු 7කට ලකුණු 237 රැස් කරමින් ඉනිම අත්හිටුවන ලැබීය. හසිත් නිම්නෙත් ලකුණු 77ක් සහ සසිත සඳකැලුම් ලකුණු 54 ක් ලබා රාජසිංහ විදුහලේ ලකුණු පුවරුව ඉහළ දැමූහ.
දෙවනි ඉනිම ඇරඹූ කොතලාවලපුර විදුහල් කණ්ඩායමට ඕවර 33.1 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153 පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජසිංහ විදුහලේ කසුන් සාම්පුර ඉනිම් දෙකේදී ලකුණු 71කට කඩුලු 7ක් බිද හෙලමින් දක්ෂතා දැක්වීය.
කොතලාවලපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 30කදී සියලු දෙනාදැවී ලකුණු 142
(ඩබ්.එච් මදුෂංක 48, ජී.ඩී.එස් හර්ෂ 28, කසුන් සාම්පුර 46/3 )
ශ්‍රී රාජසිංහ මධ්‍ය විද්‍යාල පළමු ඉනිම - ඕවර 38කදී කඩුලු 7කට ලකුණු 232
(සසිත සඳකැලුම් 54, හසිත් නිම්නෙත් 77, එච්. සිත්රුවන් 36/3 )
කොතලාවලපුර මහ විදුහල් දෙවනි ඉනිම - ඕවර 33.1කදී සියලු දෙනා දැවී ලකුණු 153
(කසුන් සාම්පුර 25/4, ගයන්ත සංදීප 33/2 )
024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.