‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පියුමාල් සේනානායක සහ කොවින් සේනාරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
	ශා.බෙනඩික් විදුහල - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 119
	(චමත් තේනුවර 29, පියුමාල් සේනානායක 26/3, කොවින් සේනාරත්න 29/3)
	රාජකීය විදුහල - ඕවර 23.4 කදී කඩුලු 4 ක් දැවී 120
	(සුනෙර රත්නායක නොදැවී 46, තිසක්‍ය ආරියරත්න 20, චමත් තේනුවර 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.