Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගම්පොල වික්‍රමභාහූ ජාතික පාසලට එරෙහිව ලකුණු 43 ක ජයක් හිමිකරගත් කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය.
මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් බිසඳු සංදීව් (57), තෙවිඳු හසංජන (57) සහ රෙශඳු තිලකරත්න (50) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ගම්පොල වික්‍රමභාහූ ජාතික පාසලේ සත්සර ගමගේ (130) ශතකයක් සහ යොහාන් රණමීරමුල්ල (57) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
රාජකීය විදුහල ‘බී’ - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 292
(බිසඳු සංදීව් 57, තෙවිඳු හසංජන 57, රෙශඳු තිලකරත්න 50, කවිෂ්ක ඩිල්ෂාන් 52/2, සසංක බණ්ඩාර 66/2)
වික්‍රමභාහූ ජාතික පාසල- ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 249
(සත්සර ගමගේ 130, යොහාන් රණමීරමුල්ල 57, කේශර කප්පගොඩ 35/2, රෙශඳු තිලකරත්න 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.