Last Update  :  2026-03-31 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ මස්ටෑන්ග් කුසලාන දිනති

රාජකීයයෝ මස්ටෑන්ග් කුසලාන දිනති

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 49 වැනි ‘මස්ටෑන්ග්ස්’ කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පසුගිය 28 දා සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහල් කණ්ඩායම ඕවර 46 ක් අවසානයේ තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියේය. 

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 276 ක් පමණි. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විමත් දින්සර පන්දු 124 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 109 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
 
ආරම්භක පිතිකරු හිරුන් ලියානරච්චි පන්දු 44 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 51 ක්ද, රමිරු පෙරේරා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක්ද දුෂේන් උඩවෙල පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් රාජකීය විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල නියමිත ඕවර 50 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 313 ක් ලබාගත්තේය. සාන්ත තෝමස් ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු ජේඩ්න් අමරවීර පන්දු 149 කින් ලකුණු 184 ක් රැස්කළේ හයේ පහර 11 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. රපීල් හෙට්ටිගේ පන්දු 44 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළේය. 


සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 313 
(ජේඩ්න් අමරවීර 184, මෙතුක ගුණරත්න 37, අවිනාෂ් ප්‍රනාන්දු 18, රපීල් හෙට්ටිගේ නොදැවී 44) 

රාජකීය විදුහල - ඕවර 46 කදී කඩුලු 6 ක් දැවී 291 
(හිරුන් ලියනාරච්චි 51, රෙහාන් පීරිස් 18, විමත් දින්සර නොදැවී 109, රමිරු පෙරේරා 38, දුෂේන් උඩවෙල නොදැවී 25) 


අදහස් (0)

රාජකීයයෝ මස්ටෑන්ග් කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.