Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම කි‍්‍රකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

රාගම කි‍්‍රකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලිය වන අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලියට සහභාගි වන රාගම කී‍්‍රඩා සමාජය සඳහා නැවත වරක් අනුග‍්‍රහය දැක්වීමට මල්ටි ෆිනෑන්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ. මල්ටි ෆිනෑන්ස් ආයතනයේ අනුග‍්‍රහය ඇතිව තරග කළ රාගම කි‍්‍රකට් සමාජය වසර 2012 දී අන්තර් කී‍්‍රඩා සමාජ ප‍්‍රධානතම ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමටද සමත් විය.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් ආයතනය ඉතා පුළුල් පරාසයක මූල්‍ය සේවාවන් සපයන්නකි. මල්ටි ෆිනෑන්ස් ආයතනය රාගම කි‍්‍රකට් සමාජයට අනුග‍්‍රහය දක්වන තුන්වැනි වර්ෂයය මෙයයි.

මෙම අනුග‍්‍රහක ප‍්‍රදානය කිරීමේ නිල උත්සවය පසුගියදා කොළඹ තරු පන්තියේ හෝටයකදී පැවැති අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, රාගම කි‍්‍රකට් සමාජයේ සභාපති රොෂාන් අබේසිංහ, එහි ලේකම් රොෂාන් ඉද්දමල්ගොඩ යන මහත්වරුන් සහ මල්ටි ෆිනෑන්ස් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිනි රොමේෂා සෙනරත් මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මල්ටි ෆිනෑන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී පුෂ්පික ජයසුන්දර මහතා විසින් රාගම කි‍්‍රකට් සමාජයේ කි‍්‍රකට් නායක සමීර සොයිසාට අනුග‍්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව.

ඡයාරූපය : ජයමාල් චන්ද්‍රසිරි

 


අදහස් (0)

රාගම කි‍්‍රකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.