ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (05 වැනිදා) පැවති තරගයකදී බදුරලිය කී‍්‍රඩා සමාජය පරදවා කඩුලූ 7 කින් ජය ගැනීමට රාගම කී‍්‍රඩා සමාජය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර රාගම පිල ජයගත්තේ අතිරේක ප‍්‍රසාද ලකුණද සමගිනි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායමට ඕවර් 47 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 189 ක් පමණි. සමන් ජයන්ත (56) සහ ඇන්ඩි සොලමන්ස් (50) අර්ධ ශතක ලබා ගැනීමට සමත්වු අතර සජීව වීරකෝන් ලකුණු 31 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය රාගම පිල ඕවර 38.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ළහිරු තිරිමාන්න (72) සහ ඉයන් ඩැනියල් (නොදැවී 68/) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුහ.
බදුරලිය ඕවර 47 ක දී සියලූ දෙනා දැවී 189
(සමන් ජයන්ත 56, ඇන්ඩි සොලමන් 50, සජීව වීරකෝන් 31/5, නිලංක පේ‍්‍රමරත්න 33/3)
රාගම ඕවර 38.4 කදී කඩුලූ 3 ක් දැවී 191
(ළහිරු තිරිමාන්න 72, ඉයන් ඩැනියල් නොදැවී 68, රොමේෂ් කළුආරච්චි 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.