රමින්ද ප්‍රවිනාත්ගේ (216) ද්විත්ව ශතකය නිසා පිළියන්දල මැදි විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 132 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත් විය.
ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ හෂින් දිල්මන් දිල්මන් ලකුණු 75 කට කඩුලු 10 ක් දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 71.1 කදී කඩුලු 6 ක් දැවී 343
(රමින්ද ප්‍රවිනාත් 216, ඉෂාන් ජයවර්ධන 36, ලහිරු දිල්ෂාන් 28)
පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලු දෙනා දැවී 155
(හේෂාන් මධුසංක 81, ගිම්හාන් ධනුෂ්ක 34, ප්‍රවීන් මධුෂාන් 57/6, හෂින් දිල්මන් 43/3)
පිළියන්දල මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 56
(ගිම්හාන් ධනුෂ්ක 16, හෂින් දිල්මන් 32/7)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.